Friday, May 17, 2024

රාමසාන් අළලා දිවයින පුරා සංචරණ සීමා

UPDATED 12.05.21 – 3.00PM

හෙට දින (13) දා රාත්‍රී 11 සිට 17 වැනි සදුදා පාන්දර 4.00 දකවා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි අනියම් අගුලු දැමීමකට ලක්කර ඇත. අත්‍යවශ්‍ය සේවා සහ ඖෂධ ආදිය මිලට ගත හැකි අතර සංචරණය තහනම්ය.



අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles