Sunday, May 19, 2024

දුම්රිය පාරේ පාලම් පුපුරයි, චීනා ඒවා ගම් ගා අලවයි..

පසුගිය රජය සමයේ ප්‍රවාහන අමාත්‍යංශය සහ China Machinery Corporation (CMC) සමාගම අතර ඇතිකරගත් ගිවිසුමක් අනුව ඉදිකිරීම් ඇරඹූ මාතර- කතරගම අධිවේගී දුම්රිය මාර්ගයේ මාතර – බෙලිඅත්ත පලමු අදියර වෙනුවෙන් ඉදිකර ඇති පාලම් ගණනාවක් මේ වනවිට දරුණු ලෙස ඉරිතලා පුපුරා ඇති බව වාර්තාවේ.

මාතර-බඹරැන්ද අතර සහ බඹරැන්ද- බෙලිඅත්ත යන අනු අදියර දෙකට අයත් දික්වැල්ල,වැවුරුකන්නල ආසන්නයේ ඉදිකර ඇති පාලම සහ  දික්වැල්ල උතුර මහ විද්‍යාලය අසල ඉදිකර ඇති පාලම් මෙලෙස දරුණු ලෙස පුපුරායාමට බඳුන්වී ඇති පාලම් අතර උදාහරණයන්ය.

මෙලෙස පාලමු පිපිරීයාම දැඩි අවදානම් තත්ත්වයක් බව දුම්රිය මාර්ග පරීක්ෂක ඉංජිනේරුවන් දැඩිසේ අවධාරණය කර සිටිද්දීත් චීන සමාගම මේ වනවිට තවත් චීන සමාගමකට අතුරු කොන්ත්‍රාත්තුවක් බාරදී ඇත්තේ අදාල පාලම්වල පිපුරුම් ස්ථානවල ගම් වර්ගයක් ආලේපකර පිපිරීම් වසා දමන ලෙසයි.

ඒ අනුව ක්‍රියාත්මකවූ අදාල අතුරු කොන්ත්‍රාත් සමාගම ඊයේ (26) දින සිට අදාල ගම් වර්ගය යෙදීම සිදුකරමින් සිටියි. සාමාන්‍යයෙන් ඉදිකිරීම් ව්‍යාපෘතියකදී මෙලෙස පිපිරීම් සිදුවුවහොත් අදාල සම්පූර්ණ පාලම ගලවා නැවත ඉදිකිරීම හො පිපිරීම් ප්‍රමාණය සාමාන්‍යනම් අදාල පිපිරීම් කොටස පමණක් ඉවත්කර නැවත ඉදිකිරීම සිදුකිරීම සාමාන්‍ය ක්‍රිියාවලියයි.

නමුත් අදාල චීන සමාගමේ අරමුණ වී ඇත්තේ පිපුරුම් සහිත පාලම්වල ගම් ආලේපකර අතීසාරයට අමුඩ ගැසීම වැනි පිළියමක් යොදා කෙසේ හෝ ඉක්මණින් මෙම ව්‍යාපෘතිය රජයට බාරදීම බව පැහැදිලිය.

කෙසේ වෙතත් මෙවැනි අනතුරුදායක ක්‍රියාවන් සඳහා යොමුවන චීන සමාගම සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීම සහ දක්ෂිණ අධිවේගී දුම්රිය මාර්ග ව්‍යාපෘතිය විධිමත් අයුරින් සිදු නොකලහොත් එය මහා පරිමාණ හානියකට හේතුවක් වනු ඇත.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles