Saturday, May 18, 2024

දුරගමන් සේවා හැර සියලු දුම්රිය ගමන් වාර අවලංගුයි. නොමිලේ යෑමට අවස්ථාව

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරු වාහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

දුම්රිය අවලංගු කිරීමෙන් එම දුම්රිය ස්ථානවලට රොක්වන ජනතාව කුපිත වීමෙන් ස්ථානාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති බව කී කසුන් චාමර මහතා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එම තීරණයට එළඹි බව ද සඳහන් කළේය.

ඒ අනුව එම දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත් නිකුත් නොකරන අතර මගීන්ට ප්‍රවේහපත් නොමැතිව ගමන් කිරීමේ අවස්ථාව හිමිවේ. 

එලෙසම රාජකාරී දුම්රිය කිහිපයක් හැරුණු විට සහ දුරගමන්සේවා දුම්රිය කිහිපය පමණක් ධාවනයට කටයුතු යොදා ඇති අතර ඉතිරි සියලු දුම්රිය ගමන්වාර අවලංගු කර ඇත.

දුම්රිය සේවකයෝ රාජකාරි සඳහා පැමිණීමට ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක නිරත වෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles