Sunday, May 19, 2024

දේශපාලන හස්තයක් නිසා ගුවන්තොටුපල පාඩුව මිලියන 27 යි

ගුවන්තොටුපළේ බදු ගිවිසුම් පමාවෙන් මිලියන 27 ක පාඩුවක්‌ රජයට වෙන බව වාර්තා වෙනවා. ඒ, ගුවන්තොටුපල පරිශ්‍රය තුළ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම මගින් කළමනාකරණය කරන සංචාරක සේවා කවුලු 6කට අදාළ නව බදු ගිවිසුම් අත්සන් කිරීම අත්තනෝමතිකව ප්‍රමාද කිරීම නිසායි.

ප්‍රමාදය නිසා මෙම එක කවුන්ටරයකින් ආසන්න වශයෙන් මාසිකව රුපියල් මිලියනයකට ආසන්න මුදලක්‌ රජයට අහිමි වෙන අතර, කවුලු හයෙන් පමණක්‌ මාස පහක්‌ තුළ රජයට රුපියල් මිලියන විසි හතකට ආසන්න පාඩුවක්‌ සිදුව ඇති බව වාර්තා වෙන්නේ.

පසුගිය වසර සඳහා තිබූ එම කුලී ගිවිසුම් 2016.02.16 දින වන විට අවසන් වීමර්ට නියමිතව තිබූ බැවඉන් 2016 වසර සඳහා සංචාරක සේවා කවුන්ටර ලබාදීමට අදාළ ටෙන්ඩර්පත් විවෘත කිරීම 2015.12.30 වැනි දින සිඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අනුව, විවෘත කරන ලද ටෙන්ඩරය මත උපරිම ලංසුවක්‌ ඉදිරිපත් කළ ආයතන හයක්‌ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමසිරි මහතාගේ අත්සනින් ලිඛිතව ඉදිරිපත් කර ඇතත් දේශපාලන බලපෑමක්‌ මත එම ආයතන හා නව බදු ගිවිසුම් සඳහා අත්සන් කිරීම ප්‍රමාද වෙමින් ඇති බවයි පැවසෙන්නේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles