Sunday, May 5, 2024

නත්තලට දෙරණින්, හසලකට එන්තරවාසි! ජඩ, කැත, ජරා, කුජීත, අපත, චාටර් ලැජ්ජා නැතියැයි දෙරණට බැණලා!

ජනප්‍රිය ප්‍රාසාංගික ශිල්පියෙක්, සමාජ මාධ්‍යකරුවෙක් සහ නිර්මාණකරුවෙකු වන හසලක තුෂාර මහතාට ‘අද දෙරණ’ රූපවාහිනී නාලිකාව නියෝජනය කරන නීතිඥ සමාගමකින් එන්තරවාසියක් එවා තිබෙන බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ පසුගිය දිනෙක යූටියුබ් නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රචාරයක් පිළිබඳ සිදුකළ විවේචනයකි.

නීතීඥ සමාගම පවසන්නේ සිය නාලිකාවේ කීර්තිනාමයට ඉන් කැළලක් ඇතිව ඇති බවයි.

ඒ් වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් සේවාදායකයාට ගෙවන ලෙසත්, ඒ ලෙසම මේ පිලිබඳව සමාව අයදින ප්‍රකාශයක් එම වැඩසටහනින්ම සිදුකරන ලෙසත් දන්වා ඇත.

හසලක තුෂාර මහතා පවසන්නේ මාධ්‍ය ආයතනයක ක්‍රියාකලාපය විවේචනය කිරීමේ පුරවැසි අයිතියක් සහ ප්‍රකාශනයේ නිදහසක් මෙරට ඇතිබවත්. තමා භාවිත කර ඇත්තේ එකී අයිතිය මිස වෙනත් යමක් නොවන බවය.

මීට අදාළ සම්පූර්ණ එන්තරවාසිය පහතින්

Related Articles

Latest Articles