Sunday, May 19, 2024

නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරියට

කොළඹ වරාය නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (01) ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

ඒ අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්ය.

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාවේ නිවේදනය හෙට දිනයේ ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය.

“අග්‍රාමාත්‍යවරයා අපිට දුන්න පොරොන්දුව හෙට දිනයේ ඉෂ්ඨ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිල නිවේදනය එනතුරු අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත අරින්නේ නෑ. අපි හෙට දිනයේ දී මේ නිල නිවේදනය අපිට ආවට පසුව අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරිනු ලබනවා. ඒ කැබිනට් තීන්දුවේ වෙනදෙයක් තිබුණොත් එහෙම අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරින්නේ නෑ. “ යනුවෙන් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.

මේ අතර, විෂයභාර අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරමින් මෙලෙස අදහස් දැක්වීය.

“මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ සාකච්ඡා ඇති කිරීම සඳහා කමිටුවක් පත්කළා. ඉන්දියානුවන් විසින් නම්කරන සමාගම සමග සාකච්ඡාවලින් අනතුරුව. ඒ අනුව එම සාකච්ඡා කමිටුව විසින් ඊයේ දවසේ දී මට ඒ වාර්තාව ලබා දුන්නා. පැහැදිලිව පේනවා ඒ ඉදිරිපත් කරන කරුණුවලට ඉන්දියාව එකඟ නොවන බව. ඒ වාර්තාව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග මම සාකච්ඡා කළා. ඒ වෙලාවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි සියයට සියයක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා හා අගමැතිවරයා උපදෙස් ලබාදුන්නා.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles