නිරිත දිග මෝසම සක්‍රීය වේ….

0
484

නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින්‍ හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින හරහා විටින් විට  පැයට කිලෝ මීටර් 40-45 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here