Wednesday, May 8, 2024

ශ්‍රී ලංකා ජනරජයේ බලවත් ශෝකය…

ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ රටවැසි ජනතාව සිය අසල්වාසී රාජ්‍ය වූ ඉන්දියාව සහ එහි සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවයි.

අනතුරින් මියගිය සියලුදෙනාගේ පුවල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

එමෙන්ම අපේක්ෂා නොකළ අන්දමේ මෙම සිදුවීමට මුහුණ දීමට ඉන්දීය රජයට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම අනතුරින් තවත් පුද්ගලයින් 900 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් සීඝ්‍රගාමී දුම්රිය පිීලි පැනිීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගයේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්ද අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම භාණ්ඩ ප්‍රවාහනය කළ තවත් දුම්රියක් එහිදී අනතුරට ලක්ව තිබෙනවා.

ඔඩිෂා ප්‍රධාන ලේකම් ප්‍රදීප් ජෙනා පවසන්නේ ගිලන් රථ 200කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට යොමුකළ බවයි. එම දුම්රිය අනතුර සම්බන්ධයෙන් ශෝකය පල කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අනතුරට පත් වූවන් මුදා ගැනීම සදහා අවශ්‍ය සියළු පියවර ගන්නා බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles