පකිස්තානය ත්‍රස්ත කල්ලිවලට සහය දැක්වීම සම්බන්ධයෙන් ඇමරිකාවේ අවධානය

0
341

පකිස්තානය විවිධ ත්‍රස්තවාදී කල්ලිවලට සහය දක්වන බවට පවතින චෝදනා සම්බන්ධයෙන් විමසිලිමත්විය යුතු බව ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් පවසයි.

මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත ඉන්දීය අගමැති න⁣රේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ඇමරිකානු උප ජනාධිපතිවරිය මෙම අදහස් පළකල බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්තාන එවැනි ත්‍රස්තවාදී කල්ලිවලට සහය දැක්වීම නැවැත්විය යුතු බව ද ඇය එහිදී සදහන් කර ඇත.

අගමැති මෝදි සහ උප ජනාධිපති හැරිස් අතර පැවති සාකච්ඡාවලදී දේශගුණික විපර්යාසය,ත්‍රස්තවාදය,
සයිබර් ආරක්ෂාව,අභ්‍යවකාශ කටයුතු ආදිය පිළිබද අවධානය යොමු කර තිබේ.

සාකච්ඡාවෙන් අනතුරැව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත්තේ, ලෝකයම දිරිගැන්වූ පියවරක් තැබූ කාන්තාවක් වන උප ජනාධිපති කමලා හැරිස් හමුවන්නට ලැබීම සතුටට කරැණක් බවයි.

India Today

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here