Saturday, May 18, 2024

ස්පාඤ්ඤයේ ගිනිකන්දක් සක්‍රීය වෙයි

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ පිහිටි කුම්බ්රේ වීජා ගිනිකන්ද සක්‍රීයවීමත් සමග දහස් ගණන් ජනයා ඒ ආසන්න ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ගිනිකන්දේ බලපෑම හේතුවෙන් මේ වනවිට නිවාස 350කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් නගර තුනක පදිංචිකරුවන්ට ද සිය නිවාසවලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට දැනුම් දී තිබේ.

ගිනිකන්දෙන් පිටවන ඝණ දූමාරය හේතුවෙන් මේ වනවිට අදාළ ප්‍රදේශයේ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles