Sunday, May 19, 2024

පදනම් විරහිත ප්‍රකාශයන්ට නොරැවටී එන්නත් ලබාගන්න

කොවිඩ් මර්දන එන්නත් ශරීරයට අහිතකර බවට ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවත්, ඒවාට නොරැවටී එන්නත් ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මෙරට ලබාදෙන එන්නත් වර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙන්ම, ලෝකය පුරා සිදුකළ පරීක්ෂණවලින් ද අනුමත කළ ඒවා බැවින් ඒවා ලබාගැනීම සම්බන්ධයෙන් බිය විය යුතු නැතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ඒවා මෙරට විද්වත් කමිටු දෙකක් මගින්ද අනුමත කර ඇතැයි හෙතෙම පැවසීය.

හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එන්නත් ගැන වැරදි අදහස් ප්‍රකාශ කරන්නන් මෙරට පමණක් නොව ලෝකය පුරා සිටින බව ද ඔහු කීවේය.

එමෙන්ම ඒ ඒ වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබාදීම නිර්දේශ කරන්නේ ද ප්‍රමාණවත් දත්ත තිබේ නම් පමණක් බව කී හේමන්ත හේරත් මහතා මෙරට භාවිතා වන එන්නත් සියල්ල ආරක්ෂිත හා ඵලදායී ඒවා බව ද ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles