ගොවියන්ගෙන් රුපියල් 70ට මිලට ගැනීම වැරදි නම් මුල්ම ගල තමනට ගසන්නැයි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
තම සමාජ ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.
පොලොන්නරුව පිහිටි ඔහුගේ සහල් මෝල පාරිභෝගික අධිකාරිය විසින් වැටලීමෙන් පසු ඔහු මෙම අදහස් පළ කර තිබේ.
ඔහු විසින් පල කර ඇති තවත් සටහනක් මෙසේය.‘ ඔබ කෙළින් කතාකරන, සෘජු තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙකු නම් ඔබට සිදුවනුයේ සමාජය තුළ තනිව ජීවත්වීමටය. එසේත් නොමැති නම් බොහෝ පිරිසකගේ නොමනා බළපෑම් වලට යටත්වීමටය. මන්ද මේ සමාජය තුළ සත්‍යයට සාපේක්ෂව වැඩි ඉඩක් ලැබී ඇත්තේ බොරුවට සහ ගරු රඟපෑම් වලට වන නිසාය..’