Thursday, December 26, 2024

පවතින ඩෙල්ටාවට එක් අයකුගෙන් අටකට බෝ කළ හැකියි

රට තුළ දැනට ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයෙන් වයිරසය ආසාදිත එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 8 දෙනකුට වයිරසය බෝ කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

කොවිඩ් වයිරසයේ දරුණු ප්‍රභේද අලුතින් නිර්මාණය වීමේ අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වැනි රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණ දීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇති වීම නොවැළැක්විය හැකි කාරණයක් බව ද ඒ මහතා පැවසුවේය.

එන්නත් සඳහා දක්වන ප්‍රතිරෝධය වයිරස් ප්‍රභේදයේ වෙනස් වීමත් සමඟ ඉහළ ගොස් ඇතැයි ද, එන්නත් මාත්‍රා දෙකම ගෙන රෝගී වූ සහ මරණයට පත් වූවන් ගැන කතා කරන යුගයක් වර්තමානයේ එළැඹ ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය. වූහාන් ආරම්භක කොවිඩ් ප්‍රභේදය මඟින් ආසාදිත එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 2 කටත්, ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයන් 4කට හෝ 5 කටත් බෝ කිරීමේ හැකියාව පැවැතියේ යැයි ද, අලුතින් ප්‍රභේද නිර්මාණය වීමත් සමඟ ආසාදිත එක් පුද්ගලයකුගෙන් වයිරසය බෝවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ යැයි ද හෙතෙම පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles