Sunday, May 19, 2024

පහුගිය කාලේ ආණ්ඩුව කළේ දිගින් දිගටම රාජ්‍ය සම්පත් විකිණීම පමණයි

ජනාධිපතිවරයා තමන්ගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු නොකරන තත්ත්වයට පත්වෙලා යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේ ඊයේ  (25 දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

ආණ්ඩුවේ ඇමැතිවරු වන විමල් වීරවංශ මහතාගේ ප‍්‍රකාශ වාසුදේව නානායක්කාර මහතාගේ ප‍්‍රකාශ ආණ්ඩුවේ සුළු පක්ෂ 11 ආණ්ඩුවේම අභ්‍යන්තර ක‍්‍රියාවලියට එරෙහිව විරෝධය පාමින් විවිධ ප‍්‍රකාශ නිකුත් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් පොදුජන පෙරමුණ නියෝජනය කළ ප‍්‍රධාන ලේකම්වරයා විදියට සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ඉතාමත් දැඩි වාග් ප‍්‍රහාරයක් ආණ්ඩුවට එල්ල කළා.

එතුමා කියනවා ආණ්ඩුව ෆේල් කියලා. ආණ්ඩුව සියලූ ක‍්‍රියාමාර්ග ආණ්ඩුවක් ගත්තත් එම සියලූ ක‍්‍රියාමාර්ග අසාර්ථක බව දැඩි ස්ථාවරයේ කියනවා. ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න ආණ්ඩුව පාර්ශ්වයෙන් මැදිහත් වීම ඉතාම දුර්වල තත්ත්වයකට පත්වෙලා තිබෙන බව තමයි ඔහු කියන්නේ. ගිය සතියේ විමල් වීරවංශ මහතාගේ ප‍්‍රකාශයක් තිබුණා එතුමා කියනවා ආණ්ඩුව බරපතළ ලෙස කඩාගෙන වැටීමට ලක්වී ඇති බවත් ඔවුන්ට ඇහුම්කන් දෙන්නෙත් නෑ කියලා.

ආණ්ඩුව මැතිවරණයට පෙර ක‍්‍රියාත්මක වන ප‍්‍රතිපත්ති සියල්ල රටේ ජනතාවට පොරොන්දු වුණු සියල්ල දැන් ආපහු හරවමින් තිබෙන බව කියනවා. මේ තුළින් පෙනී යන්නේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ කලකිරීම ඉතාමත් දැඩි විදිහට ඇති බවයි. අපි අහන්නෙ ජනතාවගේ ප‍්‍රශ්න ඉදිරියේ ජනතාව වෙනුවෙන් බලනවා වෙනුවට මේ ආකාරයෙන් තමන්ගේ කණ්ඩායම වත් සෑහීමකට පත් වෙන විදියට රටේ නායකයෝ හසුරුවන්න බැරි බවට රාජපක්ෂ ආණ්ඩුව පත් වෙලා තිබෙන බව ඉතාම පැහැදිලි බවයි.

වාසුදේව නානායක්කාර මහතා ඊයේ කළ ප‍්‍රකාශයක මම දුටුවා. එය යුගදනවි බලාගාරය ගැන. එය ඉතා භයානක බරපතළ ප‍්‍රශ්නයක්. එහෙම් පිටින්ම අමු අමුවේ රටේ ජාතික සම්පත් මංකොල්ල කෑමක් විදියට අපි දකිනවා. මේ බලාගාරය විකුණන්න ගන්න තීන්දුව පමණක් නෙමෙයි බලාගාරයේ විකිණීමත් සමග ගෑස් බෙදාහැරීමේ ඒකාධිකාරිය පැවරීම ගෑස් පවත්වාගෙන යෑම සඳහා ගබඩා සංකීර්ණ ඇති කිරීම නළ පද්ධති ඇති කිරීම මේ සියල්ලම රටේ ජාතික සම්පත් විකුණමින් ආණ්ඩුව මුදල් ගසා කෑමකට යෑමක් බව පේනවා. ඒ බව අපි පාර්ලිමේන්තුවේදීත් පෙන්වලා දුන්නා. කැබිනට් ඇමැතිවරු දන්නෙ නැහැ මෙහි ගිවිසුම් මොනවද කියලා.

රටේ යම් ආකාරයක එවැනි ගනුදෙනුවක් සිදු වෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ ගැන දැන සිටිය යුතුයි. අදටත් යුගදනවි බලාගාරය 40% ක කොටස් විකිණීම පිළිබඳව තක්සේරුව කෙසේ ලබා ගත්තාද කියන ප‍්‍රශ්නයට ආණ්ඩුවට උත්තර දෙන්න බැහැ. එහි වටිනාකම මොන තක්සේරු කරුද තීරණය කළේ. විකිණීමට ගත්ත තීරණයේ දී එය තක්සේරු කළේ මිලදී ගත් ඇමෙරිකානු සමාගමේ තක්සේරුව තමයි. ඒකට ලංකාවේ ඉතාම හාස්‍යජනක තීන්දුවක් මේ හරහා ලබාගන්නා සියලූම මුදල ආපහු අවුරුදු පහක් ඇතුළත ඇමෙරිකානු සමාගමට ආපහු යන විදියට තමයි සියලූ එක`ගතා ඇතිකරගෙන තියෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles