ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඉවත් කරමින් LPL කණ්ඩායම් සදහා ක්‍රීඩකයන් තෝරා ගැනීම් කටයුතු අවසන් වෙයි

0
680

ඊයේ (09) රාත්‍රියේ දී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) අවසන් වුණා. ඒ අනුව තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5 විසින් සිය සංචිතය තෝරා ගෙන අවසන් වී තිබෙනවා. ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සඳහා කණ්ඩායම් හිමිකරුවන්, පුහුණුකරුවන් සහ හිමිකාරීත්වය විසින් නම් කරන ලද පාර්ශ්ව සහභාගී වී තිබෙනවා. එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමගින් ඇතුළත්ව ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක්.

එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමගින් ඇතුළත්ව ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, දූෂණ මර්ධන අංශ ප්‍රධාලී තේජක වනිගසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කෙරුණා.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සඳහා කණ්ඩායම් හිමිකරුවන්, පුහුණුකරුවන් සහ හිමිකාරීත්වය විසින් නම් කරන ලද පාර්ශ්වයන් සහභාගී වී සිටියා.

මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේයි මෙම කටයුතු සිදු කෙරුණා.

මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා 20යි 20 කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා මෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීම විශේෂත්වයක්.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හා ළහිරු තිරිමාන්න ද කිසිදු කණ්ඩායමකට ඇතුළත් නැහැ.

අදාළ සංචිත පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here