Saturday, May 18, 2024

පාඨලී කළ මහා පරිමාණ වංචා-දූෂණ ගැන නීතිය ක්‍රියාත්මක කරන්න- ඇවන්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි

හිටපු මහා නගර නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය සමඟි ජනබලවේයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යහපාලන ආණ්ඩුව කාලයේ කළ මහ පරිමාණයේ දූෂණ වංචා, මුදල් අවභාවිතා කිරීමේ සිද්ධි හතරක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඇවන්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (28) පැමිණිලි ගොනු කළේය.

පාඨලි චම්පික රණවක මහාතගේ ඉතා කිට්ටුවෙන් සිටි විද්‍යා අමරපාල මහතාගේ නම 2015 පැනමා පත්‍රිකාවල තිබූ බවත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජගත් මුණසිංහ, වෝටර්ස් එජ් හෝටල්යේ සභාපති ලෙස කටයුතු කළ චමත් සිල්වා යන තිදෙනාගේ වත්කම් පරීක්ෂා කර බලන ලෙසත් ඊට අදාළ විමර්ශනයක් සිදු කරන ලෙසත් ඔවුන් සිය පැමිණිල්ලෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමින් ඉල්ලා සිටී.

මහජන සුභ සිද්ධිය පිණිස මෙම පැමිණිලි ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළ බවත්, කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ මහා පරිමාණ ඉඩමකට අදාළ රුපියල් මිලියන 330ක වංචාවක්, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබූ වෝටර්ස් එජ් හෝටලයේ රෑම් 48ක බුටික් හෝටලයක් නිර්මාණය කරමින් නාස්ති කළ සුවිශාල මුදල් කන්දරාව, එහිම ඕකිඩ් 50 ප්ලස් ව්‍යාපෘතිය, ස්පෝට්ස් බාර් ව්‍යාපෘති හතර සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ සඳහා යෙදවූ මුදල් නැවත අය කරගැනීමට නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles