Friday, May 17, 2024

පා. මන්ත්‍රි රෝහිතට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ..

වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගය ගැනීමට කොළඹ මහාධිකරණ දින නියම කර තිබේ.

2004 වසරේ මාර්තු මස 31 වෙනිදා සහ 2006 වසරේ මැයි මස 31 වැනිදා අතර කාලය තුළ රුපියල් ලක්ෂ 412ට අධික මුදලක් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණි.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන්ගේ ඇප කොන්දේසි සපුරා ඇති බව පාර්ශවකරුවන් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ නඩුව සැප්තැම්බර් මස 05 වැනිදා විභාගයට ගන්නා බව මහාධිකරණය නිවේදනය කර තිබේ.

එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කෙරුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles