ලෝක විස්සයි විස්ස පිතිකරු ලැයිස්තුවේ 9 වන ස්ථානයට පැතුම් නිස්සංක පැමිණ තිබෙනවා.මෙම ලැයිස්තුවේ පලමු තැන පකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම්ට හිමිවී තිබෙනවා.
මීට පෙර පැතුම් නිස්සංකට හිමිව තිබුණේ එහි 15 වැනි ස්ථානයයි.
පන්දු යවන්නන් අතුරින් වනිඳු හසරංගට හිමිවී ඇත්තේ 06 වන ස්ථානයයි. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඔහු 10 වන ස්ථානයට පත්ව තිබෙනවා.
පිතිකරුවන් අතුරින් පකිස්ථානයේ බාර්බර් අසාම් ද, පන්දු යවන්නන් අතුරින් දකුණු අප්‍රිකාවේ ටැබ්රේස් ශම්සි ද, තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබි ද පළමු ස්ථානයේ පසුවනවා.





