Sunday, April 28, 2024

පොහොට්ටුව පුප්පන්න සුගතදාස සූදානමින්….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගීවීමට නියමිතව ඇත.

ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් ඒ සඳහා පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙවර සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේය.

Related Articles

Latest Articles