Friday, May 17, 2024

පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙන්න සුබ ⁣ආරංචියක් !

රජයේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයටත් ලබා දෙමින් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ ඔවුන්ගේ සුභසාධනය සඳහා රක්ෂණ ක්‍රමයක් සකස් කිරිම සම්බන්ධයෙන් අරමුදල් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධාන සමග මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවද කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේය.

සේවයේ යෙදී සිටීමේදී අගතියට පත් සේවකයන් සඳහා ලබාදෙන වන්දි මුදල් පසුගිය වසර 16 තිස්සේම වැඩි නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජීවන වියදම් වැඩි වී ඇති බව සැළකිල්ලට ගෙන මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේදි මෙම වන්දි මුදල වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සේවයේ යේදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී දැනට ගෙවන උපරිම වන්දි මුදල රුපියල් පන්ලක්ෂ 50,000කි.එම වන්දි මුදල රුපියල් විසි ලක්ෂයක් දක්වා වැඩි කිරීමට නව පනත් කෙටුම්පත මගින් සංශෝධන ඉදිරිපත් කර ඇත.

එමෙන්ම දැනට රැකියා අවස්ථාවේදී පමණක් වන්දි ගෙවීම සඳහා ඇති ප්‍රතිපාදනය, රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කොට අර්ථ නිරූපණය වඩාත් පුළුල් කිරීමද එම සංශෝධනය මගින් සිදු වේ.

රජයේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයටද ලබාදීමට මේ හරහා හැකි වන බව කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේය. තවද ඉදිරියේදී කම්කරු වන්දි නඩු වසරක් පමණ කාලයක් තුළ විසඳීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

කම්කරු උසාවි වඩාත් ඵලදායී ලෙස භාවිතා කරමින් සහ කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නඩු 16,000ක් මහේස්ත්‍රාත් අධිකරණ වල ගොඩ නැගී ඇති බවත් සමගාමී අධිකරණ බලය කම්කරු විනිෂ්චට සභාවන්ට ලබා දීමටත් ඉදිරියෙදී කටයුතු කරන බවත් ඒවිට මෙම තදබදය අවසන් වනු ඇතැයිද කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles