Thursday, December 26, 2024

බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකාවට කඩුළු පහක විශිෂ්ට ජයක්

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ පිලට ආරාධනා කර සිටියේය.  

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මුලින් පන්දුවට පහරදුන් බංගලිදේශය කඩුළු 4 කට 171 ක් ලබාගත්තේය.

පන්දුවට පහරදීමේදී Mohammad Naim ලකුණු 62 ක් ලබාගත් අතර Mushfiqur Rahim ලකුණු 57 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික කරුණාරත්න,බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් විය.


පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිල ඕවර 18.5 කදී ලකුණු 172 ක් ලබා ජයග්‍රහණය අත්කරගත්තේය. තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය චරිත් අසලංක නොදැවී 80ක් ලබාගැනීම කැපී පෙනිණි. භානුක රාජපක්ෂ 53 ක් ලබාගත්තේය. 

ශ්‍රී ලංකාව සහභාගීවන මීලග තරගය ලබන 28වනදා ඕස්ට්‍රෙිලියාවට එරෙහිව පැවැත්වෙනවා. ඒ, ඩුබායිහීදියි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles