Sunday, May 19, 2024

බඩඉරිඟු හිඟ වීමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට බලපෑම් එල්ල වෙයි

බඩඉරිඟු නොමැතිකමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට ද මේ වන විට බලපෑම් එල්ල වී ඇත. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා දිනකට බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 50 ක් අවශ්‍ය බවයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ ත්‍රිපෝෂ ලැබීමට තවත් සති දෙකක් පමණ ගතවනු ඇති බව එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ. 

රට තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණවත් නොවන හෙයින් සැපයුම්කරුවන් හරහා ද බඩඉරිඟු ආනයනය කරනු ලබනවා. අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් එසේ ආනයන කටයුතු කරනු ලබනවා.

එහෙත් පවතින කොරෝනා තත්ත්වය හමුවේ එම රටවල ද බඩඉරිඟු නිෂ්පාදනය පහළ බැස ඇති අතර බඩඉරිඟුවල මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

නිසි ප්‍රමිතීන්ට නොමැතිවීම හේතුවෙන් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් බඩඉරිඟු කන්ටේනර් 05 ක් ද ඉකුත් දින කිහිපයේ ආපසු හරවා යැවූ බවද වාර්තා වනවා. බඩඉරිඟු මෙටි්‍රක් ටොන් 1,500 ක් සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ ප්‍රකාශකයකු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles