Sunday, May 19, 2024

බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙකු යාපනය, මාටින් වීදිය ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත යාපනය සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාර බන්ධනාගාර නියාමකවරයා කාලයක සිට තම නිළ ඇඳුමට මුවා වී එම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

සැකකරු යාපනය බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු වන අතර ඔහු සතුව තිබී රුපියල් 360,000ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 45ක් සොයාගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles