Monday, May 20, 2024

බන්ධනාගාර වලින් ජංගම දුරකථන 5,000ක් අත්අඩංගුවට

බන්ධනාගාර තුළ  සිට සිදුවන දූෂිත ක්‍රියාකාරකම් මැඩලීම  සඳහා බන්ධනාගාර තුළ  මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින්  රැඳවියන් භාරයේ තිබූ  ජංගම  දුරකථන 5000 ට  අධික ප්‍රමාණයක් සහ බැටරි 10,000 ට  අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක ලේකම්වරයා  කීය.

2019 වසරේ අගසිට  මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් මෙම  දුරකථන අත්අඩංගුවට ගත් බවද ආරක්ෂක ලේකම්වරයා කීය .

රටේ සිදු සිදුවූ බොහොමයක්ම අපරාධ සහ ජාවාරම් බන්ධනාගාර තුළ සිටින රැඳවියන් විසින් මෙහෙයවන බවට හෙළි හෙළිකරගත් තොරතුරු අනුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය. මෙම මෙහෙයුම් සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහය ලැබෙන බවද  ආරක්ෂක  ලේකම්වරයා කීය 

බන්ධනාගාරවල දූෂිත ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි බන්ධනාගාර නිලධාරීන් 20 දෙනකු පමණ වැඩ තහනමට ලක්කර සේවයෙන් ඉවත් කර ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles