Friday, January 24, 2025

බර ඉසිලීමෙන් නව ශී‍්‍ර ලංකා වාර්තා 5ක්

විශේෂ බර ඉසිලීමේ පරීක්ෂණයේදී නව ශ‍්‍රී ලංකා වාර්තා 05 ක් බිහි කරමින් කැපී පෙනෙන්නට චින්තන ගීතාල් විදානගේ (03), තිලංක විරාජ් පළගසිංහ (01) සහ චානක පීටර්ස් (01) සමත් වී තිබේ.

මෙම විශේෂ පරීක්ෂණ පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක‍්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී පැවැත්විණි. චින්තන ගීතාල් විදානගේ ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 135 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 165 ක් ද මුළු බර එකතුව ලෙස කිලෝ ග‍්‍රෑම් 300 ක් ද සාර්ථකව ඔසවමින් නව ශ‍්‍රී ලංකා වාර්තා ත‍්‍රිත්වයකට හිමිකම් කියා තිබේ. ඔහු මීට පෙර කිලෝ ග‍්‍රෑම් 89 ට අඩු බර පන්තිය යටතේ තරඟ කළ ක්‍රීඩකයෙකි.

කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පංතිය යටතේ තරග කළ තිලංක විරාජ් පළගසිංහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 150 ක් ඔසවමින් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් බිහි කළ අතර කිලෝ ග‍්‍රෑම් 102 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් චානක පීටර්ස් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 174 ක් ඔසවමින් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.

ක්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම අරමුණු කර ගනිමින් මෙම පරීක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles