බලවතුන්ට නීතියක් නැද්ද? පොලිස්පතිතුමාගේ අවධානය පිණිසයි..

0
480

රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව කිසිදු සැහීමකට පත් විය නොහැකි බව යහපාලන ප්‍රේමීන්ගේ මතය වී තිබේ. නාරහෙන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති හා හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ සිද්ධ සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසු එයි. මේ දෙදෙනා තාජුඩීන් ඝාතනයට සම්බන්ධවුවද, මේ පිටුපස සිටින සැබෑ අපරාධකරුවන් මොවුන් නොවන බව හොදාකාරවම පැහැදිලිය. මේ ඝාතනය සම්බන්ධයෙන් ඉකුත් සමයේදී සුපිරි සැප විදි හිටපු ප්‍රභූ පවුලක පුතෙකු සහ රජාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි පිළිබඳව සැක සංකා මතුවී තිබේ. ඒ පිළිබඳව ප්‍රබලම සාක්ෂි ඇති බවද ආරක්ෂක අංශ අනාවරණය කළේය. එමෙන්ම තාජිඩීන් ඝාතනයට අණ දුන් අය පැත්තක සිටියදී අද අත්අඩංගුවට පත්වී සිටින්නේ එම අණ ක්‍රියාත්මක කළ අසරණයින් දෙදෙනෙකි.මේ පිළිබඳව වහා පොලිස්පතිතුමාගේ අවධානය යොමු වනු ඇති බව සාධාරණ සමාජයක් අපේක්ෂා කරන්නන්ගේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here