Sunday, May 19, 2024

ශ‍්‍රී පාලියේ – අම්බ පාලියේ (පාලයා )

විශ්වවිද්‍යාල පද්ධතියේ මෑත කාලීන මාතෘකාවන් අතරේ ලිංගික අල්ලස, කා අතරෙත් ප‍්‍රසිද්ධියට පත්ව
ඇති කාලවකවානුවකි මේ. එමෙන්ම විශ්වවිද්‍යාල ඉතිහාසයේම කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ‍්‍රී පාලි
මණ්ඩපය තරම් ලිංගික අල්ලස් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ චෝදනා ලැබ, කාගෙත් පොදු කතාබහට
ලක්ව ඇති වෙනත් විශ්වවිද්‍යාලයක්ද නැති තරම්ය. මෙම චෝදනාවේ ප‍්‍රසිද්ධ අපකීර්තියට ශ‍්‍රී පාලිය
ගොදුරුව ඇත්තේ එක් ආචාර්යවරයෙක් ප‍්‍රමුඛව, ආචාර්යවරියන්ගේ හා විද්‍යාර්ථයින් කිහිපදෙනෙකුගේ
නොමනා හැසිරීම හේතුවෙනි. විශ්වවිද්‍යාල භූමිය යනු නිදහස් අධ්‍යාපනයේ තවත් එක් සංකේතයකි
යන මතය පලූදු කරන්නට සමත් උගත් ආචාර්යවරු, ආචාර්යවරියන් මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන්
සපුරන ලිංගික වහලූන් බවට පත්ව ඇති විද්‍යාර්ථයින් අද ශ‍්‍රී පාලියේ සුලබය.
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ‍්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යන අංශයේ අංශාධිපති වශයෙන් කටයුතු
කළ ආචාර්ය ප‍්‍රදීප් නිශාන්ත වීරසිංහයන් ආධුනික කතිකාචාර්යවරියන් දෙදෙනෙකුට අයුතු බලපෑම්
කිරීම ඇතලූ තවත් වෝදනාවන් කිහිපයකට වරදකරු වී තාවකාලික සේවය අත්හිටුවීමකට ලක්ව ඇති
අයෙකි. මොහුගේ නොමනා කටයුතු පිළිබ`දව එල්ල වී ඇති චෝදනාවන් සම්බන්ධයෙන් මාර්තු මස
සිට ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු යම්තාක් දුරකට විධිමත් ආකාරයෙන් සිදුවෙමින් පැවතියද දැන්
දැන් පෙනීයන්නේ දේශපාලන හස්තයේ අදිසි මැදිහත්වීම හේතුවෙන් අදාල සිදධියේ පරීක්ෂණ කටයුතු
යට ගැසීමට පටන් ගෙන ඇති බවයි. ඔහු විසින් දැරූ අංශාධිපති තනතුරද දේශපාලන බලයෙන් ඔහු
අත්පත් කරගත් එකක්ය යන්න ප‍්‍රසිද්ධ රහසකි. නමුත් ඛේදවාචකය වන්නේ තම තමන්ගේ පෞද්ගලික
වාසි තකා මෙවන් අයෙකු බේරගැනීමට ශී‍්‍ර පාලියේ ඔහුට හිතවත් ආචාර්යවරු, කතිකාචාර්යවරියන් එක
සිතින්ම සැදී පැහැදී සිටීමයි.
චෝදනා ලබා ඇති ආචාර්යවරයා සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබෙන පරීක්ෂණ කටයුතු වල
අවිධිමත්භාවයක් දැන් දැන් පෙනෙන්නට වන බව ”සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් ස`දහා පුරවැසියෝ” නැමැති
සංවිධානය සිය පුවත්පත් නිවේදනයක් මගින් ප‍්‍රකාශ කර සිටියි. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ
ආචාර්ය ප‍්‍රදීප් නිශාන්ත වීරසිංහයන් විසින් කථිකාචාර්යවරියන් දෙදෙනෙකුට ලිංගික බලපෑම් කිරීම
පිළිබ`දව ඔවුන්ගේ සංවිධානය විසින් උපකුලපති තුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, ඒ
සම්බන්ධයෙන් අදාල පරික්‍ෂණ කටයුතු මාර්තු මස 09 වැනි දින සිට ආරම්භ කර යම්තාක් දුරකට
විධිමත් ආකාරයෙන් පවත්වාගෙන ආ බවත්, අදාල සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කර දෙන බවට
ඔහු ප‍්‍රකාශ කර සිටි බවත්ය. අදාල සංවිධානය විසින් ලිඛිතව උපකුලපති තුමාගේ අවධානයට යොමු
කළ කරුණු පහත පරිදි වේ.
1ග නිකරුනේ කිසිවකු නොමැති රාති‍්‍ර කාලයේ හා අවේලාවේ තරුණ කථිකාචාර්යවරියකට ඔහු
සම`ග කාර්යාලයේ රැුදී සිටීමට බල කිරීම, කිනම් ආකාරයේ හිංසනයක් ද?
2ග නිවාඩු දිනවල කථිකාචාර්යවරියක පියන් වැඩ ස`දහා යොදවා බාහිර පාර්ශවයන්ගේ පරිභාවයට
ලක්වීමට සැලැස්වීම කිනම් ආකාරයේ හිංසනයක්ද?
3ග විවිධ රාත‍්‍රි සාද තානායම් වල සංවිධානය කර ඒවාට පැමිණිම ‘‘අනිවාර්ය’’කර පැමිණි පසුව
මත්පැන් පානය කිරීමට බල කිරීම කිනම් ආකාරයේ හිංසනයක්ද?
4ග රැුකියව අහිමි කරන බවට නිතිපතා තර්ජනය කිරීම කිනම් ආකාරයේ හිංසනයක්ද?
උක්ත සංවිධානය තවදුරටත් කියා සිටින්නේ පැමිණිල්ලට අදාළ කරණු පැහැදිලිව විමර්ශනය කිරීමේදී
පැම්ණිිලිකාර කථීකාචාර්යවරියන් දෙදෙනාව සමාන්‍යයන් අතර වෙනස්ව සලකා ලිංගික හිංසනයට ලක්
කර ඇති බවත්, රැුකියාව ගෞරවාන්විතව කරගෙන යාමට ඔවුන්ට බාධා පැමිණවීම හේතුවෙන්
අධිකරණ කි‍්‍රයාමාර්ගයකට අවතිර්ණ වීය යුතු බවයි. ආචාර්ය, මහාචාර්යවරුන් ගෙන් සමන්වි ත එකී
පරීක්‍ෂණ මණ්ඩලය තම වර්ගයා බේරා ගැනීම ස`දහා ලිංගික හිංසනයක් හෝ අයුතු බලපෑමක් සිදු
නොවු බවට තීන්දු කර ඇති බවට ඔවුන්ට සැල වී ඇති බවද සංවිධානය විසින් තවදුරටත් කියා සිටියි.
ප‍්‍රදීප් වීරසිංහයන් අදාල චෝදනා වලින් ගලවා ගැනීමට කටයුතු කරන ශ‍්‍රී පාලියේ කතිතාචාර්යවරියන්
දෙදෙනෙකුගේ අසම්මත හැසිරීමද විද්‍යාර්ථයින් අතරේ ප‍්‍රසිද්ධ මාතෘකාවකි. පෙර නොවූ විරූ පරිදි ශී‍්‍ර
පාලිය අසම්මතයන් කරා යොමු කරමින් සිටින මෙවැනි ආචාර්යවරියන් සමස්ත විශ්වවිද්‍යාල
පද්ධතියේම ගුණාත්මකභාවයට විශාල පිලිලයකි. ඉදිරියේදී මෙවැනි පිලිලයන් අපේ ප‍්‍රසිද්ධ මාතෘකාවන්
බවට පත්වනු බව මතක් කර දෙන්නෙමු.
කරුණු කාරණා මෙසේ වන විට ප‍්‍රදීප් වීරසිංහයන් නැවතත් අංශාධිපති තනතු රට පත්වුවහොත් එය මුලූ
මහත් විශ්විවිද්‍යාල පද්ධතියේම ඛේදවාචකයකි. අවශ්‍ය වන්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම
කැළලක් වී ඇති මෙම ලිංගික අල්ලස තුරන් කරන විද්‍යාර්ථයින්ට අධ්‍යාපනයේ සම අයිතිය ලබාදීමයි.
පසු සටහන:
යම් අධ්‍යාපනික ආයතනයක් තුළ ස්ත‍්‍රී/පුරුෂ සමාජභාවය හෝ ලිංගිකත්වය පදනම්ව මොනයම්
ආකාරයක කායික හෝ මානසික හිංසනයකට යමෙක් භාජනය වන්නේ නම් ජිිකගිරසක්බන්?ටප්සකගජදප
නැමැති ඊ-මේල් ලිපිනය මගින් හෝ 0775257096 නැමැති දුරකථන අංකය මගින් තම සංවිධානය
දැනුවත් කර සිටින ලෙස ”සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් ස`දහා පුරවැසියෝ” සංවිධානය වැඩිදුරටත් ඉල්ලා
සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles