Saturday, September 21, 2024

බ්‍රෙන්ඩන් ටෙිලර්ට වසර තුනහමාරක ක්‍රිකට් තරග තහනමක්

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් ටේලර්ට වසර තුනහමාරකට සියලු ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ICC දූෂණ මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.

මෙම තහනම ජනවාරි ඊයේ 28 වනදා දින සිට ක්‍රියාත්මක බවයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියල නිවේදනය කළේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කිරීමේ චෝදනා හතරක් සහ තහනම් උත්තේජක චෝදනාවක් හේතුවෙන් ඔහුට මෙම තරග තහනම පනවා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

35 හැවිරිදි බ්‍රෙන්ඩන් ටේලර් 2004 සිට 2021 දක්වා ජාත්‍යන්තර තරග 284කදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළේය.එහිදී ඔහු ශතක 17ක් සමඟින් ලකුණු 9,938ක් රැස් කළේය. ICC දූෂණ මර්දන නීති සංග්‍රහය යටතේ එල්ල වූ චෝදනාවලට අමතරව Brendan Taylor විසින් Benzoylecognine නම් තහනම් උත්තේජකයක් ලබාගෙන ඇති බව ICCය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළේය. ඒ අනුව 2025 ජූලි 28 වැනිදා සිට බ්‍රෙන්ඩන් ටේලර්ට නැවත ක්‍රිකට් පිටියට පිවිසීමට හැකිවනු ඇතැයි අයි.සී.සී. නිවේදනය කළේය.

මේ අතර බ්‍රෙන්ඩන් ටේලර් විසින් තරඟ පාවාදීමකට පෙළඹවීමක් ගැන ආන්දෝලනාත්මක ලිපියක් සිය නිල ට්විටර් ගිණුමට පසුගිය දා එක්කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles