Friday, May 3, 2024

බාග්ලේ ‘සන්තෝෂ‘යෙන් යයි….

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අද කොළඹදී වැඩ භාරගෙන තිබේ. එතුමා මීට පෙර ඇ.එ ජනපදය, මොස්කව්, යුරෝපා සංගමයේ රටවල් රැසක තානාපති ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඒ බව තහවුරු කරයි.

අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් පසු, ඔහු ශ්‍රීලංකාවේ ඉන්දියාවේ මහකොමසාරිස්වරයා ලෙස ඔහුගේ නව වගකීම් භාරගනු ඇති බව මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කොවිඩ් සහ ආර්ථික අර්බුද සමයේ දෙරට අතර සම්බන්ධතාවය මෙන්ම ආර්ථික කාරණා වෙනුවෙන් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කළේය.

Related Articles

Latest Articles