Sunday, November 17, 2024

බිනුර ප්‍රනාන්දුට කොවිඩ් ආසාදනය වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙිලියාව අතර 02 වන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.

සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 40 ට තරගය ආරම්භ වනු ඇත.

පළමු තරගයෙන් ඔස්ට්‍රෙිලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 20 ක ජයක් අත්වුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කොවිඩ් වැළඳී ඇතැයි ඔහුට සිදුකල රැපිඩ් පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

ඔහු ඊයේ දිනයේදී පී සී ආර් පරීක්ෂණයකටද ලක් කර ඇති අතර එහි වාර්තා අද ලැබීමට නියමිතයි.

ඒ බව තහවුරු වී ඇත්තේ සිදුකරන ලද Antigen පරික්ෂණයකදීයි.

කෙසේ වෙතත් අනතුරුව PCR පරීක්ෂණයක්ද සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල තාම ලැබී නැහැ.

පසුගියදා (11) ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති පළමු T20 තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බිනුර සිය පන්දුවාර 04 තුළදී ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 12ක් පමණක් ලබාදෙමින් කඩුලු 02ක් බිඳ හෙලීමට සමත් වුණා.

ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද කොවිඩ් ආසාධනය වී මේ වනවිට නිරෝධායනයට ලක් කර සිටිනවා.

මේ අතර 2022 අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අදයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles