Friday, May 17, 2024

බුන්වත් මූල්‍ය ආයතන 4ක් මහ බැංකුව අනාවරණ කරයි

මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිණිස අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව බුන්වත් මූල්‍ය ආයතන 4ක් අනාවරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, සිටි ෆිනෑන්ස් කෝපරේෂන් ලිමිටඩ් සහ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන මුදල් සමාගම් තුන සහ එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පීඑල්සී සමාගමේ රාජ්‍ය සුරැකුම්පත් හා සම්බන්ධ නීත්‍යනුකූල ආයෝජකයන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා නිරාකරණ ක්‍රමවේදයක් ඔක්තෝබර් 14 වැනිදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබේ.

මෙම නිරාකරණ සැලැස්ම නීතිමය වශයෙන් තහවුරු කරගත් පසු මෙම සමාගම් අදාළ නීතීන් අනුව ඈවර කිරීම සිදුකරනු ඇත. එමෙන්ම, අවශ්‍ය පරිපාලන ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි තොරතුරු තැන්පත්කරුවන් සහ ආයෝජකයන් වෙත ඉදිරි කාලයේදී නිවේදනය කරනු ඇත. මෙම සමාගම් සතුව වත්කම් නොමැති බැවින් සහ ඒවා යථාතත්ත්වයට පත්කොට තැන්පත්කරුවන් සහ ආයෝජකයන් වෙත මුදල් ආපසු ගෙවීම සඳහා කිසිදු ආයෝජකයෙකු විසින් කැමැත්තක් නොදක්වන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉතිරි වී ඇති එකම විකල්පය මෙම නිරාකරණ සැලසුම බව මුදල් මණ්ඩලයේ අදහස් වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles