Monday, May 20, 2024

බොරැල්ල දේවස්ථානයකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාරයේ මේ වනවිට රඳවා සිටිනබවයි. බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ ගොඩනැගිල්ල තුළ තිබී ඊයේ පස්වරු 4.45ට පමණ අත්බෝම්බයක් සොයා ගැනිණ. ඒ දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරේ දකුණ පසට වන්නට ඇති සුරුවම අසල තිබියදීය.

බොරැල්ල – වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටින් දිවෙන ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළ ව අත්අඩංගුවට ගත් තුන් දෙනාගෙන් එක් අයෙකු එහි ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු මරදාන – දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ වන විටත් පොලීසිය ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, තවමත් අදාළ අත්බෝම්බය එම ස්ථානයට රැගෙන ආවේ මන් ද යන්න සහ එය කෙසේ ලැබුණේ ද යන්න නිශ්චිත තොරතුරක් අනාවරණ වී නැහැ.

අනතුරුව පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිශ්ක්‍රීය අංශය මෙම ස්ථානයට කැඳවා තිබිණ.

දේවස්ථානයේ කටයුතු සඳහා සිටි පිරිසක් ද පොලීසිය ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles