බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියේ විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි නියෝග කරයි

0
327

බොරැල්ල, සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ලබන 02 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැන්වීය.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවාගෙන සිටින අදාළ දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු තුන් දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරන ආකාරය නිවැරදි නොවන බවට චෝදනා කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here