Monday, January 13, 2025

භානුකගේ සමුගැනීම සමිබන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

කොළඹ : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගන්නා බවට වු ලිපියකින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතය පවසනවා.

අදාල අස්වීමේ ලිපියේ සඳහන් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

භානුක අදාල ලිපියේ තවදුරටත් දක්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන්නේ “මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පියෙකු වීමේ අපේක්ෂාවෙන් හා ඒ ආශ්‍රිත පවුල් බැඳීම් අපේක්ෂාවෙන් ” ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් දන්වා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බවද ඔහු පැවසීය

භානුක රාජපක්ෂ එක්දින සහ විස්සයි20 තරඟ දෙකෙහිම ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

මේ අතර භානුක රාජපක්ෂ ගේ තීරණය ගැන අදහස් දක්වමින් ලසිත් මාලිංග සඳහන් කරන්නේ භානුක හට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබාදීමට ඇති දායකත්වය තවත් ඇති බවයි.

මේ සම්බන්ධව ලසිත් මාලිංග සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ඉල්ලීමක් කර තිබෙනවා.

ජාත්‍යන්තර මට්ටමේ දී රට නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම පහසු කාර්යයක් නොවන බවත් එය සැබවින්ම අභියෝගවලින් යුක්ත බවයි ලසිත් මාලිංග සඳහන් කර සිටින්නේ .

ඔහු පවසන්නේ ජාත්‍යන්තර තලයේදී රට නියෝජනය කිරීම අසීරු කාර්යයක් වන බැවින් විවිධ අභියෝග පැමිණෙන බවයි.

භානුක රාජපක්ෂ රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි ක්‍රීඩකයෙක් බවද ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් නැවත වරක් මේ පිළිබඳව සලකා බලන මෙන් ඔහු ඉල්ලීමක් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles