Monday, January 13, 2025

භානුක රාජපක්ෂ ඉන්දීය තරඟ සංචාරයෙන් ඉවතට

ප්‍රවේගාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරය සඳහා වන ජෛව බුබුළට ඇතුළත් කොට තිබුණත් ඔහුව ඉන්දීය සංචාරයෙන් අත හැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇති බව CricWire වෙබ් අඩවිය ප්‍රකාශ කොට ඇත. මීට හේතුව ලෙස දක්වා ඇත්තේ භානුක තවමත් ස්කින්ෆෝල්ඩ් මට්ටම අඩු කරගෙන නොමැති වීමයි.

ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියට එක්වන මූලික සංචිතයට ඇතුළත් කර තිබූ භානුක රාජපක්ෂ එම සංචාරයට සූදානම් වීම සඳහා වන ජෛව බුබුලට ද ඇතුළත් ව සංචිතගත ව සිටියා.

කෙසේ වෙතත් ඔහු සංචිතයෙන් හදිසියේ ඉවත් කිරීම පිළිබඳ තවමත් නිශ්චිත හේතුවක් වාර්තා වී නැහැ.මේ අතර පසුගිය දිනක ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එක් වීම සඳහා අවශ්‍ය කරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ මට්ටම් සපුරා ලූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිනුම ඔස්සේද දැනුවත් කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුව ඉන්දීය සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නො කිරීමට එකම හේතුව විය හැක්කේ, ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නම සඳහන් කිරීමට අකමැති වූ නිලධාරියෙකු කියා සිටියේ.ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමට මැදපෙළ දැඩි ප්‍රහාරාත්මක පිතිකරුවෙකුගේ බරපතළ අඩුවක් ඇති බව නිමා වූ ඔස්ට්‍රෙලියානු සංචාරය තුළදීත් දක්නට ලැබුණු අතර ලෝක කුසලාන තරගාවලිය තුළ දී එම අඩුව ඉතා හොඳින් පිර වූ භානුක රාජපක්ෂ මෙලෙස හදිසියේ සංචිතයෙන් ඉවත් කිරීම් ප්‍රශ්න සහගත බවයි විචාරකයින් පවසන්නේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තෝරා ගත් එකම පිතිකරුවා වූයේ ද භානුක රාජපක්ෂයි.

පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles