Sunday, September 22, 2024

මගේ පන්දු යැවීම ගැන සතුටු වෙන්නේ නැහැ – මහීෂ් තීක්‍ෂණ

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී තමන්ගේ පන්දු යැවීම ගැන සතුටු නොවන බවත්, කඩුලු දවාගැනීමට තිබූ උනන්දුව නිසා මූලික සිද්ධාන්තවලින් ඔබ්බට ගොසින් පන්දු යැවීමට සිදු වූ බවත් ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු පහදමින් තීක්‍ෂණ වැඩිදුරටත් පවසා සිටියේ, ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පවර්ප්ලේ අවස්ථාවේදී ඉතා හොඳින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා පරාජයට ප්‍රධාන වශයෙන් බලපෑ බවයි.

මෙහිදී ශ්‍රී ලංකා පරාජය පිළිබඳ වැඩිදුරටත් පැවසූ මහීෂ්,

“මම හිතනවා අපට ලැබුණු හොඳ ආරම්භය හරියට පවත්වාගෙන යන්න බැරිවුණා. විශේෂයෙන් ඉනිම මැදදි විකට් හතරක් ගියා නිසා ලකුණු 20ක් විතර අඩුවුණා. එසේ නොවුණාම් අපට ලකුණු 170කට වැඩි ලකුණු ගණනක් රැස්කරන්න තිබුණා. මං හිතනවා ඒක තමයි ගොඩක්ම හේතුව වෙන්න ඇත්තේ අපි තරගය පරාජය වෙන්න.

කෙසේ නමුත් විකට් එක ගොඩක් හොඳයි. අපි බැට්කරද්දිත් තේරුණා ලේසියෙන් ලකුණු රැස්කරන්න පුළුවන් බව. පන්දු යවද්දිත් පින්න තිබුණේ නැහැ. විකට් එක ගොඩක් හොදයි. පවර්ප්ලේ එකේ ඔස්ට්‍රේලියාව හොදින් ලකුණු අතරට ආවා. එතනින් තමයි තරගය අපෙන් ගොඩක්ම මිස් වුණේ.

මගේ පන්දු යැවීම ගැන නම් සතුටුවෙන්නේ නැහැ. මම විකට්ස් ගන්න ගොඩක් උත්සාහ කළා. ඒ නිසා මට මූලික සිද්ධාන්ත වලින් ගොඩක් පිට යන්න සිද්ධ වුණා. කෙසේ නමුත් ඊලඟ තරග වල අඩුපාඩු ඇති නොවෙන්න කටයුතු කරනවා” යැයි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles