Sunday, May 19, 2024

මට අහක යන කුණු තමයි එන්නේ- ඒ දේවල් දිහා බුද්ධියෙන් බලන අය හරි දේ මොකද්ද බොරු මොනවද තීරණය කරාවි

කළා ලෝකයේ හමොගෙම් ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරුකා කියන්නේ. කාලෙන් කාලෙට විවිධ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්නා ඇය පොටෝ ෂූට් හරහාත් ප්‍රේක්ෂකයන් වශී කරගන්න සමත්වුනා, ඒ විතරක් නෙවෙයි සමාජ ජාලාවලත් ශලනි ගොඩක් ජනප්‍රියයි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාෂනයවන ‘චලෝ’ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ශලනි ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍ය හරහාත් මෑත කාලයේ දැකගන්න පුළුවන් වුනා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය උපත ලබන්නේ 1990 වසරේදී මේවනවිට 30වන වියෙහි පසුවන ශලනි තවමත් රඟපාන්නේ පාසල් සිසුවියන් වැනි ලාබාලා චරිත වලට මොකද ඇය තවමත් ගොඩක් සුන්දරයි.

ශලනි තවමත් තනිකඩයි, ඇය කලින් පෙම්වතියක්ව සිටියා, නමුත් කනගාටු දායක සිදුවීමකින් පසුව ඇය තවමත් තනිකඩව ඉන්නවා. ඒ වගේම තමයි ශලනි ඒ පිලිබඳ කිසිවක් අප සමග ප්‍රකාශ කරන්න කැමැත්ත පලකලේ නෑ. ඒ වගේම මේ වනවිටත් ඇයට විවිද කටකතා නිර්මාණය වනවා ඉතින් ඇය ගොසිප් පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”කොහොමත් මට අහක යන කුණු තමයි එන්නේ. ඒ දේවල් දිහා බුද්ධියෙන් බලන අය හරි දේ මොකද්ද බොරු මොනවද තීරණය කරාවි. මම ඒවට උත්තර බඳින්නයන්නේ නෑ. ලංකාවේ මිනිස්සු ඒ බොරු විශ්වාස කරන්න තරම් මෝඩ නෑ” කියලයි ඉතින් හැමෝගෙම ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න ශලනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles