ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් අතරට ශ්රී ලංකාවේ රංජන් මඩුගල්ලේ සහ කුමාර ධර්මසේන ඇතුළත්ව තිබෙනවා.
20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලිය සඳහා නම්කර තිබෙන මුළු තරග තීරකවරුන් ගණන 04ක් වන අතර නම්කර ඇති මුළු විනිසුරුවරුන් ගණන 16ක්.
අදාළ විනිසුරුවරුන් 16 දෙනා අතරින් අලීම් ඩාර්, මරයිස් එරාස්මස් සහ රෝඩ් ටකර් මෙවර සහභාගි වන්නේ ඔවුන්ගේ හයවැනි 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියටයි.
තරගාවලිය ආරම්භ කරමින් සුදුසුකම් ලැබීමේ වටයේදී පැපුවා නිව්ගිනියාව සහ ඕමානය අතර පැවැත්වෙන තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙසින් කුමාර ධර්මසේන සහ නවසීලන්තයේ ක්රිස් ග්රැෆනි කටයුතු කරනු ලබන අතර එම තරගයේ තරග තීරක වශයෙන් රංජන් මඩුගල්ලේ කටයුතු කරනු ලබනවා.