Saturday, May 18, 2024

මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන් ඉවතට

මෙරට මත්ස්‍ය නිෂ්පාදන යුරෝපීය වෙළඳපොළට අපනයන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම මේවන විට සම්පූර්ණයෙන් ඉවත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනූව මත්ස්‍ය නිෂ්පාදන මේ යටතේ යුරෝපයට අපනයනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් ලැබී ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් තහනම ඉවත් කිරීමෙන් පසුව මත්ස්‍ය නිෂ්පාදන යුරෝපා වෙළඳපොළට යැවීමේ කටයුතු  දැන් ආරම්භ කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව නවතම ආරංචි මාර්ග සඳහන් කරයි.

2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන 74ක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් 17,000ක් බව සඳහන්ය.

නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල් ලෙස සැලකේ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles