මහැදුරු මහලිංගම් ජීවිතයෙන් සමුගනියි

0
1076

ප්‍රකට කාර්මික තාක්ෂණ ඉංජිනේරුවෙකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙක් වූ එස්.මහාලිංගම් මහතා ජීවිතයෙන් සමුගෙන ඇති සංවේදී පුවත වාර්තාවිය.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් කාර්මික විද්‍යා ආචර්ය උපාධියක් ලබාගත් හෙතෙම 1970 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට එක්විය. එදා සිටම සරසවි ශිෂ්‍යයන්ගේ ප්‍රියතම ඇදුරුතුමෙකු වූ මහාලිංගම් මහතා සැබවින්ම නිරහංකාර චරිතයක් විය.

ඉංජිනේරුවන් ලෙස කාර්මික තාක්ෂණික ක්ෂේත්‍රයේ බෙහෝ දෙනෙක්ට වැදගත්වන පර්යේෂණ සහ නිබන්ධන රැසක් බිහිකල රාමලිංගම් මහතා යාපනයෙන් බිහිවූ ප්‍රමුඛපෙල විද්වතෙක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නැත.

ඊයේ එතුමන්ගේ අවසන් කටයුතු යාපනයේදී පැවති අතර ඉතා චාම් ආකාරයෙන් එය පැවතුනේ එතුමන්ගේ ජීවිතාදර්ශයද එක්කරමින්ය.

පේරාදෙණිය ඉංජිනෙරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ලන්ඩනයෙන් ජෙට් එංජිමක් ගෙන්වාගෙන එම කටයුතු වලට මහා මෙහෙයක් ලබාදුන් මහැදුරු මහාලිංගම් නාමය සදා අමරණීයයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here