Saturday, May 4, 2024

යහපාලන ආණ්ඩුවට ඇවන් ගාර්ඩ් සිද්ධියත් යටවෙන අයුරු

මහජන සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති තිලක් මාරපන ඊයේ(04) පාර්ලිමේන්තුවේ මාර පොරක් වූයේ ඇවන්ගාඩු පාවෙන අවි නැව සම්බන්ධව අපූරු ප්‍රකාශයක් කරමින්ය. මාරපනට අනුව ඇවන්ගාඩ් නඩුව පුස්සක් වන අතර පොලීසිය ඇවන්ගාඩ් වටලා ඇත්තේ “ලකුණු දමාගැනීමටය“

මෙය පාර්ලිමේන්තුව තුලදී වත්මන් රජයේ වගකීම්සහගත ඇමති ධූරයක් දරණ පුද්ගලයෙක් සිදුකල කතාවක් බැවින් මෙය ඉතා බැරෑරුම් ප්‍රකාශයක් බව වටහාගත යුතුය. පසුගිය රජය සමයේ ඇවන්ට් ගාර්ඩ් නැමති නිශ්ශංක සේනාධිපති විසින් හිමිකාරිත්වය දරණ සමාගමට ගාලු වරායේ පාවෙන අවි නැවක් නීති විරෝධීම තබාගෙන සිටීම සම්බන්ධයෙන් ලබාදී තිබූ අවසර පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇතිවූ අතර ඇවන්ට් ගාර්ඩ් සමාගම සහ එවකට රජයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ සම්බන්ධව දැඩි චෝදනා එල්ලවිය.

මෙම ආණ්ඩුව මුල් වකවානුවේ ඉතා දැඩි ලෙස මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණ සිදුකල අතර පසු කාලයේ ආණ්ඩුවට මේ පරීක්ෂණ නිම කිරීමට හෝ වැරදිකරුවන්ට දඬුවම්දීමට අවශ්‍යතාවක් නැති බව පෙනෙන්නට තිබිණි.

කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී ඇමති මාරපන කියා සිටියේ ඇවන් ගාර්ඩ් සිදුවීම සම්බන්ධව කිසිඳු සාධාරණ සාක්ෂියක් හමුවී නොමැති බවයි. 2002 එ.ජා.ප රජය පත්වීම සමග මිලේනියම් සිටි වටලා සිදුකල දෙය වැනිම දෙයක් ලෙස ඇවන්ට් ගාර්ඩ් සිදුවීමත් නම්කල හැකිබව මාරපන කිසා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂය පවා තුෂ්නිම්භූත වෙද්දීය.

තවද ඇවන්ට් ගාර්ඩ් අවි නැව කිසිවිටකත් ආයුද සඟවාගෙන සිට නැතැයිද කීවේය. මෙයට විරෝධය දක්වමින් ජ.වි.පෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක කියා සිටියේ මාරපනගේ ඇමතිකම ළමයෙක්ට දෙන ලෙසයි.

මහා පරිමාණ මූල්‍ය වංචා සහ අවි ආයුද භාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පැවති මෙම සිදුවීම යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු විසින්ම යට ගැසීමට උත්සහ කිරීම තුලින් ආණ්ඩුවේ මෙන්ම රටේද ඉදිරිය එතරම් හොඳ නැති බව පෙනෙන්නට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles