මහින්දගේ මන්ත්‍රී 8ක් එජාපයට – සාකච්ඡා 100% සාර්ථකයි

0
301

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අට දෙනෙක් ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

බැසිල් රාජපක්ෂගේ දේශපාලන ආගමනයට එරෙහිව මෙම පිරිස ආණ්ඩුවට එකතු වීමට එකඟතාව පළ කර තිබෙන බව දැනගන්නට ඇත. ඒ පිළිබඳව ආණ්ඩුවේ නායකයකු සමගද ඔවුන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී තිබේ. එසේම ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කර ඇති මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර ලබාදීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here