Saturday, May 18, 2024

මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාලන සමයේ සිදුවූ අක්‍ර‍මිකතාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඉඟිපලවෙමින් ඇත. ඔහුට හිතවත් මාධ්‍ය මෙන්ම හිතවත් දේශපාලඥයින්ද මේ කතාවේ සත්‍යයක් ඇතිබවට මත පලකර ඇත.

ඔහුගේ දෙවැනි පුත්‍ර‍යා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වර්තමානය වනවිට නාමල් රාජපක්ෂ ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතිබව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට පවසා තිබුණි. එපමණක් නොව තමන් මෙන්ම, ගෝඨාභය, විමල්, මහින්දානන්ද ඇතුළු පිරිසක්ද අත්අඩංගුවට ගැනීමේ වුවමනාවකින් වත්මන් රජය පසුවන බව මහනුවරදී මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ට පවසා ඇත.

නව පක්ෂය පිහිටුවීම සඳහා පිඹුරුපත් සකසනවිටම මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් ඒකාබද්ධ විපක්ෂයේ ගමන නැවැත්විය නොහැකි බව දිනේෂ් ගුණවර්ධන මහතාද ප්‍ර‍කාශකර ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කරගෙන ඔහුගේ ජනප්‍රියත්වය තුළින් ඉදිරියට යාමට උත්සහ කිරීම නිසා ඔහුගේ දේශපාලන මෙන්ම පුද්ගලික ජීවිතයටද දැඩි හානිගෙනදෙන තත්ත්වයක් උද්ගතව ඇතිබව දැනගන්නට ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles