Sunday, January 12, 2025

මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක ලෙස පත්කරයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිබේ.

එම පත්වීම 2022 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඔහු වසරක කාලයක් එම තනතුරේ කටයුතු කිරීමට එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් සම්බන්ධ සියලු වගකීම් ඒ අනුව ඔහුට පැවරෙයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ උපදේශකවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කර තිබෙනවා. ජනවාරි පළමුවැනිදා සිට වසරක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර තිබේ.

ජාතික කණ්ඩායමේ සියලුම කටයුතු සඳහා මෙන්ම ක්‍රිකට් අධි දක්ෂතා මධ්‍යස්ථානයේ කටයුතු සඳහා උපදේශකත්වය සැපයීම මහේල ජයවර්ධනට පවරා තිබෙනවා.

ඔහුට මෙම වගකීම පවරා තිබෙන්නේ 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකාර තනතුරට අමතරවයි. ලබන වසරේ පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය දක්වා මහේල යොවුන් කණ්ඩායමේ වගකීම දරනු ඇත.

මහේල ජයවර්ධන මහතාගේ නව පත්වීම යටතේ ජාතික පිරිමි කණ්ඩායම හැරුණු කොට සෙසු සියළුම ජාතික කණ්ඩායම් වල ක්‍රිකට් අංශය භාරව කටයුතු කරනු ඇත.

ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ, ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් කළමනාකරණය සඳහා වන සියලුම උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සඳහා වන සහයෝගය ජයවර්ධන මහතා ලබා දීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles