මහේල ICC Hall of Fame ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ලැයිස්තුවට

0
609

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ICC Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මහේල ජයවර්ධනට අමතරව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකා ජැනෙට් බ්‍රිටින් ද Hall of Fame ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

2009 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම නම් කිරීම සිදුකරන අතර ප්‍රවීණ ක්‍රීඩකයින් වූ මුත්තයියා මුරලිරදන් 2016 වසරේදීත් කුමාර් සංගක්කාර 2021 වසරේ දීත් ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් විය.

ඒ අනුව එම ලැයිස්තුවට ඇතුළත් වූ තෙවන ශ්‍රී ලාංකිකයා බවට මහේල ජයවර්ධන පත්වෙයි.

මීට පෙර ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් ද අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here