Friday, January 10, 2025

මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මහ බැංකුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ලබන 14 වනදා සිට තම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති ධුරය සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට පෙර කබ්රාල් මහතා තමන් දරණ අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles