Sunday, May 19, 2024

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ලිට්‍රෝ ගෑස් සමාගමෙි නිලධාරීන් නිරුත්තර වෙයි

ගෑස් සංයුතිය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු පෙරේදා (01 වැනිදා) නිරුත්තර වූහ. ලිට්රෝ ගෑස් සමාගම විශේෂ මාධ්‍ය හමුවක් පෙරේදා (1 වැනිදා) කොළඹදී පැවැත්වූ අතර ඒ සඳහා එම සමාගම නියෝජනය කරමින් මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත වික්‍රමසිංහ, පර්යන්ත කළමනාකරු ඉන්ද්‍රසිරි විජයරත්න සහ එහි වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජානක පතිරත්නද සහභාගි වූහ.

පසුගිය දින කිහිපයේ දිවයින පුරා සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් තම සමාගමට මතයක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානීහු මාධ්‍ය හමුවේදී පැවැසූහ.

මීට ඉහතදීත් තිබූ ගෑස් සංයුතිය, වර්තමාන වෙළෙඳපොළේ තිබෙන ගෑස් සිලින්ඩර වලත් ඇතැයි සඳහන් කළ ලිට්‍රෝ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත වික්‍රමසිංහ සිය සමාගමට ගෑස් ගෙන්වනු ලබන්නේ ලිට්‍රෝ ටර්මිනල් ආයතනයෙන් බවද සඳහන් කළේය.

පසුගිය දිනවල පිපිරීම් සිදුවුණේ ගෑස් සංයුතියේ තිබෙන වෙනස්කම් හේතුවෙන් දැයි මාධ්‍යවේදීන් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් නිරුත්තර වන සෙයක් දක්නට ලැබිණි.

මෙම තත්ත්වයට හේතුව ගෑස්වල සංයුතිය ප්‍රොපෙන් 50%ක් ලෙස සහ බියුටෙන් 50%ක් ලෙස පැවැතීම නේද? යනුවෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානීන් ප්‍රකාශ කර සිටියේ වර්තමාන වෙළෙඳපොළේ තම ගෑස් සංයුතිය ලෙස ප්‍රොපෙන් 30%ත් 40%ත් අතර අගයකද, බියුටෙන් 60%ත් 70%ත් අතර අගයකද පවතින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles