මාලිංගගේ W W W W කඩුලු වාර්තාව දැන් අයර්ලන්තයටත්

0
348

විස්සයි20 තරග බිමේ පිට පිට පන්දු 04කින් කඩුලු 04ක් දවාගත් ලොව තෙවැනි පන්දු යවන්නා බවට පවත්වීමට අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් සමත් විය.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරාගාවලියේ තෙවැනි තරගය ලෙස ඒ කාණ්ඩය යටතේ නෙදර්ලන්තයට එරෙහිව අද (18දා) පැවැත්වෙන තරගයේදී කැම්පර් මෙම දක්‍ෂතාව දැක්වීය.

මෙහිදී තරගයේ 10 වැනි පන්දුවාරය යොමුකළ කැම්පර්,

පන්දුවාර 9.2දී කොලින් ඇකර්මන්

පන්දුවාර 9.3දී රයන් ටෙන් ඩෝස්චේට්

පන්දුවාර 9.4දී ස්කොට් එඩ්වඩ්ස්

පන්දුවාර 9.5දී රූලෆ් වැන් ඩර් මෙර්ව්

ලෙස සිය කඩුලු දඩයම සිදු කළේය.

විස්සයි20 තරග බිමේ කැම්පර් පෙර පිට පිට පන්දු 04කින් කඩුලු 04ක් දවාගෙන සිටියේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග (2019/ නවසීලන්තයට එරෙහිව) හා ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ය.

ඒ අනුව විස්සයි20 තරග බිමේ එම දක්‍ෂතාව දැක්වූ තෙවැනි පන්දු යවන්නා ලෙස කර්ටියස් කැම්පර් ඉතිහාසයට එක්විය. එමෙන්ම අයර්ලන්ත පන්දු යවන්නෙකු දැක් වූ පළමු කඩුලු ත්‍රිත්ව අවස්ථාවද මෙය වෙයි.

දකුණු අප්‍රිකාවේ උපත ලැබූවෙකු වන 22 හැවිරිදි කැප්පර්, අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩාකරන 05 වැනි විස්සයි20 තරගය මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here