Sunday, September 22, 2024

මාලිංග ගේ විස්සයි විස්ස වාර්තාව ශකිබ් ඩැහැගනී

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සතුව තිබූ ලෝක වාර්තාවක් තමන් සතුකරගන්නට බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඊයේ සමත් වුණා.

ඒ මෙතෙක් මාලිංගගේ නම ඉදිරියේ සටහන්ව තිබූ විස්සයි විස්ස වැඩිම කඩුලු ලාභියාගේ ඔටුන්න තමන් සතුකර ගනිමින්. 20-20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදීයි ශකීබ් මෙම වාර්තාව තමන් සතුකර ගත්තේ.

මෙම තරගයේ දී ශකීබ් ලකුණු 17කට කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඒ අනුව මේ වනවිට ඔහු විස්සයි විස්ස පිටියේ බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 108ක්.

ලසිත් මාලිංග තරග 84කට ක්‍රීඩාකරමින් විස්සයි විස්ස පිටියේ කඩුලු 107ක් බිඳ දමා ඇති අතර ශකීබ් අල් හසන්ට මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට ක්‍රීඩා කිරීමට සිදුවූ තරග සංඛ්‍යාව 89ක්.

ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන සිටින
මේ වන විට නවසීලන්තයේ ටිම් සවුතී කඩුලු 99 ක් බිඳහෙළා ඇති අතර ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් කඩුල් 95 ක් බිඳහෙළා තිබෙනවා. පාකිස්තානයේ ෂයිඩි අෆ්රීඩි කඩුළු 98 ක් බිඳ හෙළා තිබෙනවා.

මේ වන විට විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම ඉන්දියාවේ දීපක් චාහර්ගේ නම ඉදිරියේ සටහන්ව ඇති අතර ඔහු එම දක්ෂතාව දක්වා ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දුවාර 03යි පන්දු 02ක් යවා ලකුණු 07කට කඩුලු 06ක් බිඳ දමමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles