මියන්මාර හමුදාවෙන් දරැණු ප්‍රහාරයක්

0
425

පසුගියදා මියන්මාර හමුදා ප්‍රහාරයකින් මියගිය පිරිස අතර සිය සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් දෙදෙනෙකු ද වන බව “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානය පවසයි.

ඉකුත් 25 වනදා මියන්මාරයේ “කයා” ප්‍රාන්ථයේදී මියන්මාර හමුදා විසින් වෙඩිතබා ඝාතනය කර පුළුස්සා දමා තිබූ ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණි.

අදාළ සිදුවීම හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර ඇති “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානය පෙන්වාදෙන්නේ සිය සංවිධානයට අයත් 32 හැවිරිදි හා 28 හැවිරිදි සාමාජිකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක්වූ පිරිස අතර වන බවය.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මියන්මාර හමුදා පාලනය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි.

පසුගිය පෙබරවාරි මාසයේ හමුදාව විසින් මියන්මාරයේ පාලනය අත්පත්කර ගැනීමෙන් අනතුරුව එරට ප්‍රදේශ රැසක දැවැන්ත විරෝධතා පැවැත්වුණි.

මේ වනවිට හමුදා පාලනය විසින් අත්අඩංගුවටගත් විශාල පිරිසක් රැඳවුම් භාරයේ පසුවන අතර කාන්තාවන්, කුඩා ළමුන් ඇතුළු සිය ගණනක් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ලවෙයි.

අද දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here